April 1st, නිවාඩුවට කලින් කැම්පස් එකට යන අන්තිම දවස අද කියන එක මගෙ ඔලුවෙ තිබ්බා. ඊට පස්සේ තව සති දෙක තුනක් යනකන් ආපහු යැවෙන්නේ නෑ කියන එකත් මගෙ ඔලුවෙ වැඩ කරා. ඉතින් එදා දවස අපි කැම්පස් එකට ගියේ, අපේ proposal presentation එක හදන්න. අපිට 3 වෙනිදා තමයි presentation එක තිබ්බේ. ඔය විදියට ඒක කර කර ඉන්නකොට පොඩි rest එකකටත් එක්ක කියල මමයි දුලක්ශයි ගියා දූපත් තියන පැත්තට. යනකොට මම දැක්කා canteen එක ගාව සයුරි, අක්ක ඔක්කොමල ඉන්නව. අපි ගිහිල්ලා එන ගමන් එගොල්ලො ගාවට ගියා. යනකොටම සයුරි අපි එන පැත්ත හැරිල හිටියෙ ඉතින් යනකොටම මන් එයා එක්ක හිනා වුනා. Btw, that top she was wearing looked really cute🥹❤ (ara fruits wage pata patin thyna eka) ඊට පස්සේ අක්ක එක්කත් කතා කර හිටියා ටික වෙලාවක්.. අපි එහෙම රවුමක් දාල ඊට පස්සේ කන්න කියල හිටියෙ. ඇත්තටම ටිකක් බඩගින්නේ තමයි හිටියෙ මමත්.. ඊට පස්සේ, අක්ක මට කිව්වා උරහිසට තට්ටුවක් දාල කාල එන්න මල්ලී කියල. මොකද එයා දන්නව මම එතනට වෙලා හිටියෙ සයුරි නිසා කියන්න.. ඊට පස්සේ මම අක්කට අර නිකන් පොඩි බබෙක් වගේ මට අරයව දාල යන්න baaaaaa කියල කිව්ව. අක්කටත් හිනා ගියා ඒකට. මොකද අදින් පස්සේ සති දෙක තුනක් එයාව හම්බෙන්නේ නෑ කියන එක හැම වෙලේම මගෙ ඔලුවෙ වැඩ කරා එදා දවසෙ. ඉතින් ඒක නිසාමයි මම එයාල ගාව එතන නතර වෙලා කතා කර කර හිටියේ. හොඳ වෙලේට එහෙම හරි ටයිම් එකක් මට එදා හම්බුනේ නැත්තන් ඔය සති දෙක තුනම මට ඕක ගැන worry වෙවී තමයි ඉන්න වෙන්නේ ගෙදරට වෙලා. Btw, සති දෙක තුනක් හම්බෙන්න වෙන්නේ නැති එක මට මෙහෙම තදින් දැනෙනව නම්, අපි graduate වුන දවසට අපි හැමෝම වෙන් වෙන දවසක් ආවොත් එදාට මට කොහොම දැනෙයිද කියන එක ගැන හිතන්නවත් මම කැමති නෑ. කලින් memory එකේ කිව්වා වගේම මම ඒ දවසට හරි බයයි.. ඉතින්, ඊට පස්සේ තව වෙලාවක් අපි හිටියා එතන. ඒ ඉන්නකොට සැරින් සැරේ මම චාව පොඩ්ඩක් bite කරන්න ගත්තා, එයත් හොඳට ඇවිස්සෙනව ඉතින්😂 that was fun though. ඊට පස්සේ මම ටිකකින් සයුරි දිහා තනියම බලන් හිටියා. ඊට පස්සේ ටිකකින් එයත් මගෙ පැත්ත බලපු වෙලාවක මම byeee කියල අතින් wave කරා අර පොඩි එකෙක් වගේ නිකන්. එයාටත් හිනා ඒකට. Btw, mn last week memory එකෙත් ලිව්වා වගේම සයුරි එක්ක ඉන්න වෙලාවට තනියම එයා දිහා බලාගන ඉන්න, එයා බලන වෙලේක එයාට එහෙම bye කියන්න මම පුරුදු වෙලා ඉවරයි.. ඒ හැමදේම මට ලස්සන memories විදියටයි මම දකින්නේ. ඉස්සරහට මොන දේ කොහොම වුනත් මට කවදහරි දවසක තනියම වුනත් මම ආසාවෙන් ලස්සනට ගෙවපු/විඳපු මතක, මතක් කර කර ඉන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මම දන්නව එහෙම අපි ආදරේ කරන/කරපු මිනිස්සු එක්ක ගෙවපු මතක ඒ අතීතය තනියම හිත හිත මතක් කරන එක දරාගන්න ගොඩක් අමාරු දෙයක් වගේම හිත පෑරෙන දෙයක් කියල. ඒත්….. ටිකකින් තිසාර මෙහෙම කිව්වා, "ඔයා කන්න නේද ආවෙ කන්නෙ නැද්ද?" මම ඒකට නිකන් හිනා වුනා මොකුත් කියන්නේ නැතුව.. ඇත්තටම ඒ වෙලාවෙ නම් ටිකක් බඩගින්නේ තමයි හිටියේ ඒත් සයුරි නිසා එතනින් යන්න හිතුනේ නෑ මට. ඒ වෙලේ එකපාරම මගෙ ඔලුවට ආව, සයුරි එදා අපි දෙන්න meet වුන දවසෙ හවස මට මැසේජ් එකකින් කිව්ව දේ. ඒ තමයි, "Sorry kaweth na neda oya...ane ehema inna epa min passe pls" හරි නම් කන්නේ නැද්ද කියන කතාව අහන්න ඕනෙ තිසාර නෙමෙයි සයුරි නේද කියන එක මගෙ හිතට දැනෙනවත් එක්කම හිතට ආපු පොඩි දුක, නොදැනුනා වගේ මම කට්ටිය එක්ක හිනා වෙලා විහිලුවෙන් හිටියා. Anyways, අපි එතන කෑව. ඊට පස්සේ ටිකකින් එයාල එතනින් යන්න නැගිට්ටා. ඒ වෙලේ මම පුටුවෙ ඉන්න ගමන් සයුරි යන්න නැගිටල මගෙ පිටිපස්සෙන් හිටගන වගේ ඉද්දී මම උඩ බලල, "යනවද?".. "ඔව් අනේ යනව පොඩ්ඩක් ඇවිදින්න මෙතන අමාරුයි".. "ටටා".. "ටටා".. එයාල ‍යන්න ගියා. ඉතින් මේ එදා දවසෙ ලස්සන මතක ටික විතරයි. ඒත් තව රිදෙන ගොඩක් දේවල් එදා වුනා, ඒ දුක හිතුන තැනුත් මට මගෙ memories වල තියන් ඉන්න ඕනෙ නෑ. ඉතින් ඒ දේවල් මම අමතක කරල ඉවරයි.. ඉතින්, එදා දවසත් මට වෙනද වගේම සයුරි එක්ක ගෙවුනු හරි ලස්සන දවසක්... Finally, “කා එක්කවත් තනියම හිතින් ගොඩක් දුර යන්න හොද නෑ, මඟදි හැරිලා එන්න උනොත් මුළු දුරම තමන්ට තනියම ආපස්සට එන්න වෙනවා…❤‍🩹” මේ quote එක මන් කොච්චර මගෙ ලයිෆ් එකට apply කරන්න try කරත් මට තාම ඒ දේ කරගන්න බැරි වුනා..

I love you!💖

-Joel-

02nd of April 2023